නවතම පුවත්

ගෝඨාභය රටෙත් නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

විදෙස් පුවත් සේවාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කථානායකවරයා පවසා සිටියේ ජනාධිපතිවරයා මේ වන විට ශ්‍රී ලංකාවට ආසන්න ස්ථානයක රැඳී සිටින බවයි.

මේ අතර මෙම විදෙස් පුවත් සේවය අද වාර්තා කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදා නෞකාවක සිටින බවට උසස් ආරක්ෂක අංශ නිලධාරියෙකු ඔවුන් වෙත තහවුරු කර සිටිය බවයි.

විදෙස් පුවත් ආයතනයේ මාධ්‍යවේදීයා විසින් මෙහිදී කථානායකවරයාගෙන් විමසා අත්තේ ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා පවසා ඇත්තේ ආරක්ෂක හේතුන් මත තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිළි කර සඳහන් කළ නොහැකි බවයි.

( මුලාශ්‍ර : BBC වෙබ් අඩවිය)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්