ගෝඨාභය රාජපක්ෂ ඊළඟ ජනපතිවරණයටත්

Picture of අසංක

අසංක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරනයට ද ඉදිරිපත් වීමට ඉඩ ඇති බවට වන ප්‍රකාශයක් අද පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමේදී ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

“මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවුරුදු 3 පමණක් නොව, ඉන් පසුවත් තව අවුරුදු 5ක් තිබෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා එම හමුවේදී පවසා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ජාව අද පෙරවරුවේ පැවැත්විණ.