ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙස දිවුරයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ මොහොතින් අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී දැන් දිවුරුම් දුන්නේය.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරිපිට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් කියවන ලද දිවුරුම් ප්‍රකාශයට අනුවය.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මොහොතේ සිට නිතැතින්ම මෙරට සේනාධිනායකයා ද වනු ඇත.

මේ වනවිට ජනාධිපතිවරයා සිය පළමු කතාව ජාතිය අමතා සිදුකරයි.