නවතම පුවත්

ගෝඨා-සජිත් සටන ඇරඹෙයි

අසංක

අසංක

ජනාධිපතිවරණයේ ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා ලෙස නොනිල වශයෙන් සමාජයේ ප්‍රකාශයට පත්වෙමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිවෙලින් ලබන 11 වැනිදා සහ 12 වැනිදා නොනිල ජනපති සටන ආරම්භ කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂය මේ දක්වා ජනාධිපති අපෙක්ෂකයන් නම් කිරීමට අපොහොසත් වී තිබෙන පරිසරයක මෙම සටන ඇරඹී තිබීම විශේෂත්වයකි. ප්‍රධාන පක්ෂ දෙකම මේ දක්වා ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීමට අපොහොසත් වී ඇත්තේ සුළු පක්ෂවල එකගතාවය සහ සන්ධානගතවන පක්ෂවල ගිවිසුම්ගත කොන්දේසීවලට එකගතාවක් නොවීම හේතුවෙනි.

එක්සත් ජාතික පක්ෂය පසුගිය 05 වැනිදා එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ සමග එක්ව සන්ධානගතවීමට සුදානම් වු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර ඇතිවු විරසකය හේතුවෙන් එය දින නියමයක් නැතිව කල් ගියේය. මෙම අර්බුධය මෙතෙක් විසදා ගැනීමට නොහැකි වී ඇත.

මේ අතර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මහා සම්මේලනය සෙනසුරාදා (11) සවස සුගතද්‍රස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී මෙතෙක් නායකත්වය ප්‍රකාශ නොකර පවත්වාගෙනගිය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රදානය කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමික සිද්ධස්ථාන වැද පුදා ගනිමින් ආශිර්වාද ලබා ගෙන නොනිල වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ කටයුතු එදින පටන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම සම්මේලනයට පසුදින අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් විශේෂ රැස්වීමක් බදුල්ලේදී පැවැත්වීමට නියමිතව ඇත. හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් සංවිධානයවන මෙම රැළිය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ සටනේ ආරම්භය යැයි සජිත් පිළේ මන්ත්‍රිවරයෙක් ද කළම්බො එක්ස්ප්‍රස් වෙත සදහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැළියට දිවයිනේ සෙසු ප්‍රදේශවලින් බස් රථ ඔස්සේ එජාප සාමාජිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට සකස් කර අවසන්ය. ජනාධිපති අපේක්ෂකත්වය නිල වශයෙන් ලැබී නොතිබුණද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තමන්ට නොවැම්බරයේ තිබෙන වගකීම තම දෑතට දෙන්න යැයිද තමන්ට ජාත්‍යන්තරයේ තිබෙන හයිය එවිට පෙන්වන්නම් යැයිද පසුගිය බ්‍රහස්පතින්දා පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රසිද්ධියේ පැවැසීය.

නමුත් බදුල්ලේ රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වනවාද නැද්ද යන්න මෙතෙක් ස්ථිර කර නැති අතර එම පාර්ශවය සජිත්ගේ මෙම හැසිරීම විවේචනයට ලක්කරමින් වර්ජනයකට ලැහැස්තිවෙන බවටද තොරතුරු හුවමාරු වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්