උමංග බණ්ඩාර
යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (10 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය.
එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ලෝරි එවන්ස් පන්දු 65 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 108 ක් රැස්කරමින් තරගාවලියේ පළමු ශතකය වාර්තා කළේය.
ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස්ට හිමි විය.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරගැනීමට සමත් වූයේ ලකුණු 126ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම එක කඩුල්ලක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.
ඒ අනුව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 9ක ජයක් හිමි විය.