ගෝලීය ආර්ථිකය 1930ටත් වඩා කඩාවැටෙන ලකුණු

Picture of අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් , මෙම වසරේ ගෝලීය ආර්ථිකය , 1930 වර්ෂයේදී ඇතිවූ අවපාතයට වඩා වැඩි පසුබෑමකට ලක්වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා සිටී

ඒ අනුව අමෙරිකාවේ ආර්ථික වර්ධන වේගය සීයයට 8 කින් ද, යුරෝපයේ ආර්ථිකය සීයයට 10.2 කින්ද පහත වැටෙනු ඇති බව මූල්‍ය අරමුදල අනාවැකි පළකර ඇත .

එසේම දැනට කොවිඩ් 19 වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ලතින් අමෙරිකානු රටවල ආර්ථික වර්ධනය සීයයට 9.1 කින් පහත වැටෙනු ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කර සිටි.

කෙසේ වෙතත්වෛරසයේ බලපෑමෙන් යථා තත්ත්වයට පත්වූ චීනය, එරට රජයේ ප්‍රතිපත්තිමය සහයෝගය මත සීයයට 1 ක පමණ නිෂ්පාදන ක්‍රියාවලියේ වර්ධනයක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩි දුරටත් සඳහන් කර ඇත.

මෙම තත්වයන් මත ගොලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා පෙර පුරෝකථනය කළාට වඩා වැඩි කාලයක් ගතවෙනු ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කර සිටී