නවතම පුවත්

වරායේ පොලිස් බල්ලන් ගෙනයන වාහනයේ දුම්වැටි පැන්නූ පොලිසියේ 2ක් අත්අඩංගුවට

අසංක

අසංක

කොළඹ වරායේ ආරක්ෂාවට යොදවා ඇති  පොලිස් නිල සුනඛ ප්‍රවාහන වාහනයක සැඟවූ නීති විරෝධි ලෙස රට සිගරට් තොගයක් වරායෙන් පිටතට රැගෙන යාමට සූදානම් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඊයේ (24) රාත්‍රී  අත්අඩංගුවට ගෙන තිබේ.

සිගරට් 8000 ක් අඩංගු බන්ඩල් 45 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් කොස්තාපල්වරුන් ය.

වරායට පැමිණෙන විදෙස් නෞකාවලින් බදු රහිතව මෙම සිගරට් මිලදී ගෙන ඇත.

ඔවුන් රේගුවට රහසින් මේවා වරායෙන් පිටතට රැගෙන යාමට සූදානම් වී ඇත.

“මෙය කාලයක් තිස්සේ සිදුවන සංවිධානාත්මක ඡාවාරමක්. සිගරට් විතරක් නෙමෙයි. මත්පැන් පවා මේ ආකාරයට වරායෙන් පැන්නීමක් කරනවා. මෙම ජාවාරමට සම්බන්ධකම් ඇති බවට තොරතුරු ලැබී තිබුණු වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් රැසක්ම පසුගිය දිනවල අපි ස්ථානමාරුකලා. මේ දෙන්නවත් අපි අල්ලා ගත්තේ ලැබුණු තොරතුරකට අනුවයි.“ යැයිද උසස් පොලිස් නිලධාරියකු  පැවැසුවේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්