නවතම පුවත්

චන්ද්‍රිකාගේ සමුළුව අද – ශ්‍රීලනිප තීරණයත් අද

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී විශේෂ සමුළුවක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුසාශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම සමුළුවේ මූලිකත්වය ගන්නා බව වාර්තා වෙයි.

ඇයගේ නායකත්වයෙන් යුතු බව කියන අපි ශ්‍රී ලංකා ව්‍යාපාරය නියෝජනය කරමින් එහි ලේකම් රුවන් රණතුංග මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකෙරෙන ගිවිසුමට සෙසු පක්ෂ හා සංවිධාන 57ක් සමගින් පසුගිය දා අත්සන් තැබීය.

රුවන් රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරයක් හොබවමින් සිටියි.

කෙසේවුව ද අද පැවැත්වෙන සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කර තිබුණි.

අද පැවැත්වෙන සමුළුව වෙනුවෙන් කුමාර වෙල්ගම මහතා ද කටයුතු කරන බව සඳහන් ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව මීට පෙර වාර්තා පළවිය.

කෙසේවෙතත් අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන බවත් එහිදී පක්ෂයේ තීරණය උල්ලංඝනය කරන අය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්