නවතම පුවත්

චන්දිමාල් අවස්ථාවක් ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් තමාගේ ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හමුවීමට අවස්ථාවක් ඉල්ලා ලිපියක් යොමුකර තිබේ.

පසුගිය වසර කිහිපය තුළදී ඔහුව කණ්ඩායම සඳහා තෝරාගැනීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය හේතුවෙන් ඔහුව ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටින බවත් තම ක්‍රීඩා විලාසයටත් එමගින් දැඩි බලපෑමක් ඇතිව තිබෙන බවත් ඔහු සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

චන්දිමාල් සිය ලිපියෙන් අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ශාන් වැනි හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා ගැන සංසන්දනාත්මකව තොරතුරු සටහන් කර ඇත.

පසුගිය මාර්තු මස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති ටෙස්ට් සහ එක්දින තරඟාවලි සඳහා චන්දිමාල් ක්‍රීඩා කළ ද අනතුරව පැවති බංග්ලාදේශ් සහ එංගලන්ත සංචාර සඳහා පමණක් නොව ලබන 18 වනදා ඇරඹෙන ශ්‍රී ලංකා – ඉන්දීය ක්‍රිකට් තරඟාවලියට ද ඔහු නම් කර නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්