චම්පිකගේ රිය අනතුරට අදාළව දුරකථන දත්ත වාර්තාවක්

Picture of අසංක

අසංක

වැලිකඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් නැවත කෙරෙන විමර්ශනයට අදාලව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අදාළව දුරකතන අංක 20ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද මෙම නියෝගය නිකුත් කළාය.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව විනිසුරුවරිය එම නියෝගය කර තිබේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉකුත් සිකුරාදා දිනයේදී මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාගේ සහ ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර යන අයගේ විදෙස් ගමන් තහනම් කරන නියෝගයක් ද අධිකරණය නිකුත් කර තිබුණි.