නවතම පුවත්

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ආධාර !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඖෂධ, ආහාර සහ ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා යුවාන් මිලියන 300 ක ප්‍රදානයක් මෙරටට ලබා දීමට චීන රජය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය අප්‍රේල් 22 වැනිදා පැවති දුරකතන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස චීනය මෙම ප්‍රදානය ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට අවබෝධයක් ඇති බව, මීට පෙර පැවති සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ.

එහිදී චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා චීනය උපරිමයෙන් කටයුතු කරන බවයි.

.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි