චීනයෙන් පිටත පළමු කොරෝනා මරණය පිලිපීනයෙන්

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගෙන් චීනයෙන් පිටත රටක පළමු මරණය පිලිපීනයෙන් අද වාර්තා විය.

මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ මරණ වාර්තා වූයේ චීනය තුළින් පමණි.

මෙම රෝගියා ද වූහාන් සිට පිලිපීනය වෙත පැමිණි අයෙකි.

ඔහු පිලිපීනයට පැමිණීමට පෙරම වෛරසය ආසාදිත වී තිබේ.

මේ වනවිට පිලිපීනය තුළ තවත් කොරෝනා රෝගියෙක් හමුව ඇත.

ඒ අනුව කොරෝනා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 305ක් වන අතර රෝගීන් සංඛ්‍යාව 14550ක් වේ.