නවතම පුවත්

චීනයෙන් බිලියන පහක පාසල් නිළ ඇඳුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 5ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි චීන රජය මඟින් පරිත්‍යාග කර තිබෙනවා.

රෙදි මීටර් තිස්ලක්ෂ දොළොස්දහස් පන්සිය අනූ හයක් එලෙස පරිත්‍යාග කර ඇති අතර එම රෙදි තොගයෙන් පළමු කොටස නැව්ගත කර ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ.

චීනය විසින් පරිත්‍යාග කර ඇති එම රෙදි තොගය ලබන වසරේ මෙරට පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා ලබා දීමට අවශ්‍ය වන රෙදි තොගයෙන් සියයට 70ක් සපුරාලීම සඳහා ප්‍රමාණවත් වනවා.

එම නිළ ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස රැගත් නෞකාව ලබන ජනවාරි 6 වන දා කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතයි.

කොළඹ සිට යාපනයට ඇති දුර මෙන් දස ගුණයක පමණ රෙදි තොගයක් මෙරට සිසුන් සඳහා පරිත්‍යාග කර ඇති බවත් ඒ පිළිබඳ ආඩම්බර වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා. 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි