නවතම පුවත්

චීනයෙන් වසර 2ක ණය සහනයක් – IMF එකටත් ඉල්ලීමක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන ලෙසත්, රටේ ද්‍රවශීලතා ආතතියෙන් මිදීම සඳහා හැකි ඉක්මනින් ණය ආධාර ලබා දෙන ලෙසත් චීනය අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුව විසින් වසර දෙකක කාලයක් සඳහා අවසර ලබාදෙන බව චීනය අද (03) තහවුරු කර තිබේ.

ඇය පෙන්වාදෙන්නේ එක්සිම් බැංකුව විසින් 2022 සහ 2023 වසරවල දී ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය සේවාවේ දිගුවක් ලබා දෙනු ඇති බවය.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියා ලෙස එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට මූල්‍ය ආධාර ලේඛනයක් ලබා දී ඇති බවයි.

එය මෙරට කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ පීඩනය ලිහිල් කිරීමට උපකාරී වන බව ඇය කියාසිටී.

මෙයින් අදහස් කරන්නේ ඉහත සඳහන් කළ කාල සීමාව තුළ බැංකුවේ ණයවල මූලික හා පොලී ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු නොවන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියාසිටියේ, චීනයේ එක්සිම් බැංකුව මෙම කාලසීමාව තුළ මධ්‍ය කාලීන සහ දිගුකාලීන ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලී උපදේශනයක් පැවැත්වීමට කැමැත්තෙන් පසුවන බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්