ඊසාන දිග චීනයෙ මේ වනවිට අලුතින් ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය එරට සෙසු පලාත්වල පැතිරගිය කොරෝනා වෛරසයට වඩා ප්‍රබල බව චීන වෛද්‍ය විශේෂඥයින් පවසති .
ඒ අනුව ඊසාන දිග චීනයේ ජිලින් සහ හයිලොංජියැන්ග් නගරවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සුව වීමට වැඩි කාලයක් ගත වන බවද වෛද්‍යවරුන් සඳහන් කර සිටී .
චීනයේ වුහාන් ප්‍රදේශයේන් වාර්තා වූ රෝගීන් හා මෙම නව රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බවත් එය මැඩපැවැත්වීම වඩාත් සංකීර්ණ වී ඇති බවත් චීන වෛද්‍යවරු මෙහිදී සඳහන් කර ඇත
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ විශේෂඥයෙක් වන වෛද්‍ය කියු හයිබෝ Qiu Haibo ප්‍රකාශ කර සිටින්නේ අළුතින් වාර්තා වන රෝගීන් කාලාතුරකින් වෛරසයේ මුල් රෝග ලක්ෂණය වන උණ රෝගය පෙන්නුම් කරන බවත් ඔවුන්ගේ සිරුරේ අනෙක් අවයව වලට සාපේක්ෂව වෛරසයෙන් පෙනහළු වලට ඇතිකරන හානිය අධික බවතය