චීනයේ ආරක්‍ෂක ඇමති 27 දා ලංකාවට

china
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

චීනයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා  විශේෂ නිල සංචාරයක්මෙ සඳහා 27 දින මෙරටට පැමිණීමට නියමිතය .

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වෙයි ෆෙන්ග්හි ලබන 27 සිට 29 වනදා දක්වා මෙරට සංචාරයේ නිරත වන බවය.

ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ , අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රජයේ ඉහල පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු සමගම සාකච්ජා කිරීමටද නියමිතව ඇත