නවතම පුවත්

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ප්‍රභේදය මෙරට තුල ව්‍යාප්ත වන බවට සැකයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය රට තුල ව්‍යාප්ත වන බවට සැකයක් ඇතිව ඇති බවත්  ඒ ඇහුව රට තුල  ව්‍යාප්තවන ප්‍රභේදය හඳුනා ගැනීමට විශේෂ PCR පරීක්ෂණයක්  සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  ප්‍රකාශ කර සිටී .

ගතවූ සති දෙක තුලදී මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, වැඩි වශයෙන් තරුණ ප්‍රජාවට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානයක් පෙන්නුම් කරන බවත්  ඒ මහතා මෙහිදී  සඳහන් කළේය .

එමෙන්ම මෙරට රාජ්‍ය බැංකුවක ව්‍යාප්තවන කොවිඩ් ආසාදිතයින්ගේ ද S-ප්‍රෝටීන හඳුනා ගැනීමේ අපහසුකමක් පෙන්නුම් කර තිබෙන බවත් එය එංගලන්තයේ ව්‍යාප්ත වන කොව්ඩ් ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කරන බවත්  ආවාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර සඳහන් කළේය .

මන්ද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයේ ද S- ප්‍රෝටීන හඳුනා ගැනීමේ අපහසුකමක් පෙන්නුම් කළ බවද  ඔහු සඳහන් කළේය .

කෙසේ වුවත් රට තුල ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනීමට නිසි පරීක්ෂණයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දිය හැකි බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේ

මේ වන විට PCR පරීක්ෂණ වලදී S-ප්‍රෝටීන පරික්ෂා කිරීමට හැකි විශේෂ PCR පරීක්ෂණ කට්ටලයක් මෙරටට ගෙන්වීමට ඉල්ලුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ ලබන අඟහරුවාදා වන විට ආරම්භ කරන බවද  ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත  සඳහන් කළේය .

 

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්