චීනයේ කොරෝනා එන්නත් තොගයක් මේ සතියේ ලංකාවට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ නිපදවූ සිනෝෆාම් කොරෝනා මර්දන එන්නත් තොගයක් මේ සතිය තුල   ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට රජය පියවර යොදා ඇත ගනිමින් සිටින බව ඒ අනුව එම එන්නතෙන් මාත්‍රා ලක්‍ෂ 3ක්  ශ්‍රී ලංකාවට මෙම සතිය තුල ලබාගත හැකිවනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත පැවසීය.

ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව, එම එන්නතේ  චීනය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරනු ලැබ ඇති බවද ඒ මහතා පැවසීය

”අපි එන්නත් තොගය ලබාගැනීමට මේ දිනවල චීන තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කරමින්, සම්බන්ධීකරණයක නිරත වෙමින්. එය එන්නත් චීන අලුත් අවුරුද්ද සමරන පෙබරවාරි 12 වැනිදට පෙර ගෙන්වාගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා” යැයි ද අමාත්‍යවරයා කියාසිටියේය.

චීනයේ සිනෝෆාම් එන්නත් තොගය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ආනයනය කෙරෙනු ඇත.