කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ එම වෛරසය ආසාදිත කිසිදු මරණයක් වාර්තා නොකොට අදට මාසයක් ගත වී ඇති බවට එරට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත විශ්ලේෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇත.
එරට ජාතික මානව හිමිකම් කවුන්සිලය පවසන පරිදි කොරෝනා වයිරසයට සම්බන්ධ නව මරණයක් වාර්තා කළ අවසාන දිනය අප්‍රේල් 14 වැනිදා ය.
පසුගිය අප්‍රියෙල් 17 වන දින වුහාන් හි මරණ වාර්තා වූ ප්‍රමාණයට වඩා 50% වැඩි බව එරට නිලධාරීන් සොයා ගැනීමෙන් පසුව මරණ සංඛ්‍යාව සංශෝධනය කරන ලදී.
දෛනිකව වෛරසය ආසාදන සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ගණනය කරන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව ඊයේ (15) නව ආසාදන 4 ක් සහ රෝග ලක්ෂණ සහිත රෝගීන් 11 ක් වාර්තා කළේය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව චීනයේ කොරෝනා වයිරස් රෝගීන් 84,000 ක් දෙසැම්බර් මාසයේ සිට වාර්තා වී තිබේ.
වෛරසය මුලින්ම හඳුනාගත් වුහාන් නගරයේ පදිංචිකරුවන් මිලියන 11 ක් පරීක්ෂා කිරීමට බලධාරීන් දැන් උත්සාහ කරමින් සිටී.
දින 35 ක් තිස්සේ නව ආසාදිතයින් නොමැති වීමෙන් පසු පසුගිය සති අන්තයේ නව රෝගීන් 6 දෙනෙකු වාර්තා වීමෙන් පසුව මෙම යළි පරීක්ෂාව ආරම්භ විය.