නවතම පුවත්

නාවික විරුවෝ ගංවතුර සටනේ – කොරෝනා මර්දන මෙහෙයුම් අඛන්ඩවම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරියේදී රටට ඇතිවන හදිසි ආපදා කුමන තත්වයකදී වුවද ජනතාවලේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක වන බවත් කොරෝනා මර්දන කටයුතු ද එලෙසින් පවත්වාගෙන යන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූර්්‍ය බණ්ඩාර ද කලම්බෝ එක්ස්ප්‍රස් කල විමසීමේදි කියා සිටියා.

ඒ අනුව පසුගිය 13 සහ 14 යන දිනවල කැළණි ග‍ඟෙහි ජල මට්ටම අඩුවන කාලසීමාවේදී කැළණි ග‍‍ඟෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය සපයනු ලබන ස්ථානයට මුහුදු ජලය මිශ්‍රවීම මගින් කොළඹ ප්‍රදේශයේ පානීය ජලය සහ ගෙවතු ආශිත වගාවන් සදහා අවශ්‍යවන පිරිසිදු ජලය සැපයීමේ ක්‍රියාවලිය අඩපණ නොවී පවත්වාගෙන යාමට අඹතලේ ප්‍රදේශයේදී කැළණි ග‍ඟ හරහා වැලි කොට්ට යොදා තාවකාලික ඉදිකර තිබූ ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර මෙම ලවණ බාධකය ඉවත් කිරීම මගින් ග‍ඟේ පෝෂක ප්‍රදේශ වලට මේ දිනවල ඇඳ හැලෙන වර්ශාව හේතුවෙන් ඉහළ යන ගංඟා ජලමට්ටම බාධාවකින් තොරව ගලා යාමට ඉඩ සැලැස්වීම මගින් ගඟ දෙපස ප්‍රදේශ වලට ඇතිවිය හැකි ගං වතුර අවධානම මඟ හැරවීම මෙමගින් අපේක්‍ෂා කෙරේ.

මේ සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර එම කණ්ඩායම විසින් දැඩි පරිශ්‍රමයක් යොදා එම වැලි කොට්ට සාර්ථකව ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය මැඩලීමේ මෙහෙයුම් සඳහා අඛණ්ඩ දායකත්වය ලබා දෙමින් සිටින නාවික හමුදාව ඉදිරියේදී වර්ෂාවේ වැඩි වීමත් සමඟ ඇති විය හැකි ගංවතුර තත්වයන්ගෙන්ද ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා මේ වන විටත් මෙවැනි බෝහෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවත් පැවසීය.

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්