නවතම පුවත්

චීනයේ කොවිඩ් එන්නත පෙබරවාරියේ ලංකාවට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

චීනයේ නිපදවන “සයිනො ෆාමා” කොවිඩ් එන්නතෙන් මාත්‍රා  ලක්ෂ 03ක ප්‍රමාණයක් ප්‍රධානයක් වශයෙන් , ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය  සැලසුම් කර ඇති බව මෙරට  චීන තානාපති කාර්යාලය  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව එළඹෙන පෙබරවාරි  මාසයේ මැද භාගය වන විට අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලබාදීමට හැකියාව පවතින බවද එම නිවේදනයේ දැක්වේ .

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගු කාලින මිත්‍රත්ත්වය සලකමින් කොවිඩ් වෛරසයට එරෙහිව සටනේදී ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට චීන රජය තීරණය කොට ඇති බවත් . එන්නත් නිෂ්පාදනය සහ දේශීය (චීනය) මෙන්ම විදේශීයව පවතින ඉල්ලුම මධ්‍යයේ වුවද එම එන්න්ත් ප්‍රමාණය ලබන පෙබරවාරි මස මැද භාගය වන විට ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බවත් එඅ නිවේදනයේ දැක්වේ .

චීනයේ ජාතික ඖෂධ නිෂ්පාදන සමාගම හෙවත් “සයිනො ෆාමා” විසින් නිෂ්පාදනය කරනු ලබන එම එන්නත ලොව රටවල් රැසක තෙවන අදියරේ සායනික පරීක්ෂණ මගින් තහවුරු කර ඇත.

එකසත් අරාබි එමීර් රාජ්‍යය, සයිබීරියාව, ඊජිප්තුව, බහරේන්, ජෝර්දානය, ඉරාකය, පාකිස්ථානය, චීනය ඇතුළු රටවල් රැසක සයිනො ෆාමා කොවිඩ් එන්නත භාවිතා කිරිමට අවසරය හිමිව ඇත.

මේ වන විට එන්නත් මිලියන 20ක් ලොව පුරා බෙදාහැර ඇති අතර සීෂෙල්ස් ජනාධිපති, බහරේන් අගමැතිවරයා, ජෝර්දාන් අගමැතිවරයා, එක්සත් අරාබි රාජ්‍යයේ උප ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහ සයිබිරියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ද මෙම එන්නත ලබා ගෙන ඇති බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයේ දක්වා ඇත

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්