නවතම පුවත්

චීනයේ කොවිඩ් පාලන නීති දැඩිවේ – වගකීම් පැහැර හරින නිලධාරීන්ට දඩුවම්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාසයක  කාලයක් තුලදී චීනයෙන් කොවිඩ් ආසාදිතයින් 900 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීම සම්බන්ධයෙන් වගකීම් පැහැර හරිනු ලැබූ බලධාරීන් රැසකට එරෙහිව චින රජය විසින් දඬුවම් පැමිණවීමට තීරණය කර ඇත

කොවිඩ් වෛරසයෙන් සිය රට ආරක්ෂා කර ගැනීම සඳහා චීන රජය විසින් දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු ලබන බැවින් මෑතකදී මෙසේ  ආසාදිතයින්  පිරිසක් වාර්තාවීම  වීම කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව ඇත .

නැගෙනහිර චීනයේ Yangzhou නගරයේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මැඩ පැවැත්වීමට අපොහොසත්වීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් නගරයේ බලධාරින් 05 දෙනෙකුට අවවාද කිරිමට එරට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත.

නැන්ජියැන්ග් ප්‍රාන්තයෙන් පළමු වරට වාර්තා වූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට අද දිනය වන විට ආසාදිතයින් 308 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ඉන් රෝගීන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි චීන බලධාරින් සඳහන් කර ඇත ..

කොවිඩ් ව්‍යාප්තිය නිසි පරිදී කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වූ නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය රෝහල් සහ ගුවන්තොටුපොළවල් සඳහා පත් කොට ඇති සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් 30 දෙනෙකුට අධික පිරිසකට මේ දක්වා දඬුවම් කිරිමට එරට චීන මධ්‍යම රජය පියවර ගෙන ඇති බව ග්ලෝබල් ටයිම්ස් මාධ්‍ය ආයතනය වාර්තා කර සිටි.

වුහාන් ප්‍රාන්තයෙන් ඇරඹි පළමු කොවිඩ් රැල්ලෙන් පසුව එරට විසින් මේ වන විට මුහුණ දෙමින් සිටින ප්‍රබලම කොවිඩ් රැල්ල මෙයවේ.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි