චීනයෙන් ගෙවුණු දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු හා මරණ 7 ක්
වාර්තාවී ඇත.
මෙම තත්ත්වය කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ දෙවන වරටත් පැතිර යාමේ අවදානමක්දැයි සැක මතුව ඇත.
නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ මූලාරම්භය සිදු වු බවට සැලකෙන වූහාන් ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු සතියකට පමණ පසු වාර්තා වීම ද විශේෂත්වයකි .
චීනයෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන 81,171 ක්. සිදුව ඇති මරණ ගණන 3,277 කි