නවතම පුවත්

චීනයේ නිෂ්පාදිත පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව එළිදකී

අසංක

අසංක

ජාත්‍යන්තර මට්ටමේ නාවික හමුදා බලඇණියක් බිහිකිරීමේ චීන ජනපති ෂි ජිංපිංගේ සිහිනය සැබෑවක් කරමින් එරට තුළ නිෂ්පාදිත ගුවන්‍ යානා ප්‍රවාහන නෞකාවක් නිල වශයෙන් භාවිතයට යොදවා තිබේ.

ෂැංඩොන්ග් නමැති මෙම ප්‍රවාහන නෞකාව චීන නාවික බලඇණියට අයත් දෙවැනි ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන අතර එරට නිෂ්පාදිත පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාවයි.

චීනයේ පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන සෝවියට් යුගයේ නෞකාවක් වන ලියාඔනිං නෞකාව නැවත සකස් කර යුක්රේන රජයෙන් 1998 දී මිලදී ගන්නා ලද්දකි.

එක්සත් ජනපද නාවික හමුදාව බහුලව භාවිත කරන “කැටපෝල්ට්” තාක්‍ෂණය හා සසඳන විට සාපේක්ෂව පැරණි තාක්‍ෂණයක් භාවිත කරමින් චීන නෞකා දෙකම ගුවන් යානා දියත් කරයි.

ඒ පියාසර තට්ටුවේ කෙළවරේ වක්‍ර නැග්මක් සහිත ස්කයි ජම්ප් නමැති ක්‍රමයයි.

මෙම නෞකා දෙකටම යොදාගෙන ඇත්තේ චීනයේ වෙරළබඩ ප්‍රදේශ දෙකක නාමයන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්