නවතම පුවත්

චීනයේ “සිනොෆාම්” එන්නතේ සාර්ථකත්වය තහවුරුවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ “සිනොෆාම්”  (Sinopharm ) කොවිඩ් එන්නතේ තෙවන මට්ටමේ සායනික පර්යේෂණයේ සම්පූර්ණ දත්ත වාර්තා මේ වනවිට එලි දක්වා ඇත.

.එම දත්තවලට අනුව  , කොවිඩ්  ආසාධනය වීම හේතුවෙන් බරපතල තත්වයේ රෝගාබාධ ඇතිවීම , සිනොෆාම් එන්නත මගින් සම්පූර්ණයෙන්ම වලක්වන බව තහවුරු වී ඇත .

එසේම එම එන්නත , කොවිඩ් වෛරසයට එරෙහිව 72.8 % – 78.1 % අතර ප්‍රමාණයක සඵලතාවයක්ද (efficacy)  දක්වන බව මෙම දත්ත හරහා හෙළිවී ඇත . එනම් එම එන්නත මගින් කොවිඩ් රෝග ලක්ෂණ මතුවීමද 72.8% ත් 78.1% අතර ප්‍රමාණයකින් වලක්වනු ලැබේ .

මෙම දත්ත වාර්තා ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ නිළ සඟරාව වන  “ජමා’  (JAMA) හි ප්‍රකාශයට පත්කර ඇත .

චීන සිනොෆාම් එන්නත මෙම සඵලත්වයන් පෙන්නුම්කරන්නේ , එම එන්නතෙන් මාත්‍රා දෙකක් දෙකක් ලබාගෙන සති දෙකක් ගතවූ විට වන බවත් මෙහි දැක්වේ .

ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ ප්‍රකාශිත මෙම කරුණු පිළිබඳව මෙරට චීන තනාපති කාර්යාලයද අද දින ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති අතර එය පහත දැක්වේ ,

May be an image of text

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්