කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබේ පළාතේ සියලු පාසැල් අද යළි විවෘත කර ඇත.
වෛරසයේ ආරම්භයෙන් පසු හුබේ පළාතේ පාසැල් විවෘත කෙරුණු පළමු අවස්ථාව මෙය වන අතර . එහිදී තෝරා ගත් ශ්‍රේණි කිහිපයක සිසුන් පාසැල් වෙත කැඳවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පාසැල්වලට පැමිණීමට පෙර හුබේ පළාතේ සියලූ පාසැල් සිසුන් කොරෝනා පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වන අතර ,ඔවුන් සෞඛ්‍ය උපදෙස්ද නිවැරදිව පිළිපැදිය යුතුව ඇත.
චීනයේ ප්‍රදේශ කිහිපයක පාසැල්වල ඇතැම් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් මාර්තු මාසයේදී ආරම්භ කෙරින .