චීනයෙන් ඊයේ දිනය තුල අලුතින් හමුවී ඇත්තේ කොරෝනා ආසාධිතයින් අට දෙනෙකු පමණක් වන අතර මෙම වෛරසය ව්‍යාප්තවීම ආරම්භවීමෙන් පසුව චීනය තුල මෙලෙස නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව තනි ඉලක්කමක් දක්වා අඩුවූ ප්‍රථම අවස්තාව මෙය වනබව එරට ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර සිටී
දැනට එරට මෙම රෝගයෙන් අසාදිත වී රෝහල් ගතවූ පිරිසෙන් සියයට අසූවක් සුවය ලබා පිටව ගොස් ඇති බවද කොමිසම සඳහන් කර ඇත.
මේ තත්වය මත , දැනට වැසී ගොස් ඇති චීන කර්මාන්තශාලා හා ව්‍යාපාරික ආයතන හැකි ඉක්මනින් විවෘත කිරීමට එරට බලධාරීන්ගේ අවහානය යොමුව ඇති බවද වාර්තාවේ.
එසේම චීන ජනතාවට ලබාදී ඇති දීර්ඝ අලුත් අවුරුදු නිවාදුවද අවසන් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත