නවතම පුවත්

චීනය හා ජපානය අතර සීතල යුද්ධයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවූ අවස්ථාවේදී න්‍යෂ්ටික විකිරණ මුසුවූ ජලය පැසිෆික් සාගරයට මුදාහැරීමට ජපානය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් චීනය සිය දැඩි විරෝධය පළකර ඇත

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සාඕ ලීජියෑන් පවසන්නේ ජපානයේ මෙම වැරදි සහ ඒකපාර්ශ්වික තීරණය වහාම ඉවත් කරගත යුතු බවය.

එමගින් සමස්ත ලෝකයටම හානියක් සිදුවිය හැකි බැවින් මෙම තීරණය වහා අවලංගු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙ

2011 වර්ෂයේ ඇතිවූ භුමිකම්පාවක් හේතුවෙන් ජපානයේ ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි හානි සිදුවිය

එහිදී ජලය කියුබික් මීටර් මිලියනයකට පමණ විකිරණ මුසුවූ අතර එම ජලය තවමත් ගබඩා කර ඇති බව සදහන්වේ

ඔලිම්පික් උළෙල සදහා යොදාගන්නා පිහිනුම් තටාක 500 ක් පිරවිය හැකි තරම් විශාල මේ ජලකද පැසිෆික් සාගරයට මුදාහැරීමට බලාගාරය හිමි ටෝකියෝ විදුලිබල සමාගම සූදානම් වේ .

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි