චීන-අමෙරිකා සීතල යුද්ධයක්

Picture of අසංක

අසංක

 

චීනය හා ඇමෙරිකාව අතර නව සීත යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් පවතින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.

ඇමෙරිකාවේ දේශපාලන නායකයින් , චීනය ” නව සීත යුද්ධයකට ” තල්ලු කිරීමට උත්සාහ දරමින් සිටින බව මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

නව කොරෝනා වයිරසය, හොංකොං හි තත්ත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෑත කාලයේ ඇමෙරිකාවත් චීනයත් අතර පවතින සබඳතා නරක අතට හැරී ඇති බවද ඔහු පවසා ඇත.

කොරෝනා වසංගතය වෙනුවෙන් චීනය වන්දි ගෙවිය යුතු යයි සිතැන ලෝක නායකයින් දවල් හීන බලමින් සිටින බවත් ,, එවැනි වන්දි ගෙවීමක් කිසිලෙසක සිදුනොවන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

‘‘ඇමෙරිකාවේ ඉන්න ඇතැම් දේශපාලන බලවතුන් චීන-අමෙරිකා සබඳතා ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

මේ තත්ත්වය නිසා දෙරට අතර නව සීත යුද්ධයක් ඇති විය හැකි බව ’’ යැයි චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත