නවතම පුවත්

බස් ගාස්තුව 1 1/2 ගුණයකින් අයකරගන්න බස් හිමියෝ අවසර ඉල්ලති

අසංක

අසංක

 

අන්තර් පළාත් බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමේදී මගියෙකුගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අය කිරීමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් රථ සංගම් කිහිපයක් විසින් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කර ඇත.

ලබන අඟහරුවාදා (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස්රථ සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බැවින් මෙම ගාස්තු අයකිරීම එදින සිට සිදුකිරීමට අවසර දෙන ලෙසද පෞද්ගලික බස් සංගම් මෙහිදී ඉල්ලා ඇත.

බස් රථයක ගමන් කල හැකි මගීන් සංඛ්‍යාවෙන් අඩකට වඩා මගීන් ගෙන යා නොහැකි නම් ගාස්තු මෙසේ ඉහල නැංවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත

. ඒසේ ගාස්තු වැඩි කල පසු සෞඛ්‍ය උපදෙස් අනුව මෙම ක්‍රියාවලිය සිදු කල හැකි බවත් අතර මගදි බස් රථයට මගීන් නොගැනීමට හැකි බවත් ඔහු සඳහන් කර ඇත

ආසන ගණනට මගීන් ගෙන යන බස් රථවල ගමන් කිරීමට මගීන් අකමැත්තක් දැක්වීම, අදාළ ඉල්ලීම සිදු කිරීමට තවත් හේතුවක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙත මෙම ගාස්තු වැඩිකිරීමේ ඉල්ලීමට මෙතෙක් අමාත්‍යාංශයෙන් අනුමැතිය හිමිව නොමැත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්