නවතම පුවත්

චීන එන්නත ගැන සුභ ආරංචියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් මෙරට පුද්ගලයින්ගෙන්  සියයට 95කගේම  සිරුරු තුළ සාර්ථක ලෙස  ප්‍රතිදේහ ගොඩනැගෙන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත

එමෙන්ම එම එන්නත  ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්‍රභේදයන් ට එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලබාදෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වු බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හා වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත

සීනෝෆාර්ම් කොවිඩ් එන්නත මාත්‍රාවන් දෙකම ලබා ගත් වයස අවුරුදු 20-39ත් අතර පසුවන පුද්ගලයින් ගේ ප්‍රතිදේහ මට්ටම 98.9%ක් වන අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතර ප්‍රතිදේහ මට්ටම 93.3%ක් ලෙස මෙහිදී අනාවරණය වී ඇත

එන්නත ලබා ගත් පුද්ගලයින්ගෙන් 81.25% ක් තුළ එන්නත මගින් ප්‍රතිදේහ ඇති කරන අතර මෙම ප්‍රතිදේහ මට්ටම් ස්වාභාවික ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටම් වලට සමානවවන බවද මෙහිදී අනාවරණය වී ඇත .

මෙහිදී ඇල්ෆා ප්‍රභේදය  සඳහා ගොඩනැගෙන  ප්‍රතිදේහ මට්ටම් අඩු වුවද , ඩෙල්ටා සහ බීටා සඳහා ප්‍රතිදේහ මට්ටම් ස්වාභාවික ආසාදනයෙන් පසුව ඇති මට්ටමට සමාන බවද සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් 282 දෙනෙකු ඇසුරෙන් මෙම පර්යේෂණය සිදුකර තිබෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්