චීන කත හැර කොරෝනා රෝගීන් ලංකාවේ නෑ

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ එක් රෝගියෙකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

දැනට එම පුද්ගලයා අංගොඩ බෝවන රෝග ජාතික විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට 4දෙනෙකු විශේෂ පරීක්ෂාවට ලක් කර තිබුණ ද එම කොරෝනා වෛරසය නොවන බවට තහවුරු විය.

මීට අමතරව තව රෝගීන් බවට සැක කරන 16 දෙනෙක් එම ආයතනයේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කරන ලද පළමු රෝගියා 2020 ජනවාරි 27 වන දින වාර්තා විය.

එම පුද්ගලයා චීන ජාතිකයෙකු වන අතර මීට සති 2 කට පෙර සංචාරකයෙකු ලෙස දිවයිනට පැමිණ ඇත.