චීනයේ සිනොෆාම් ආයතනය විසින් නිෂ්පාදනය කල කොරෝනා එන්නත ලබාගෙන විදෙස්ගතවූ පනස් හයදහසකට අධික පිරිස අතුරින් කිසිවකුට හෝ මෙතෙක් එම වෛරසය ආසාධනය වී නොමැති බව එම ආයතනය සඳහන් කර ඇත.
තම ආයතනය නිෂ්පාදනය කල කොරෝනා එන්නත මේ වනවිට චීනයේ ලක්ෂයකට අධික පිරිසකට ලබාදී ඇති බවත් ඔවුන්ගෙන් කිසිවකුට හෝ මේ වනවිට කිසිදු අතුරු අබාධයක් හෝ මතුවී නොමැති බවද සිනොෆාම් සභාපති ලියු ජින්සෙන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
මෙම එන්නත ලබාදුන් පිරිස අතරින් 56000 කට ආසන්න පිරිසක් මේ වනවිට විදෙස් ගතවී ඇති බවත් කොරෝනා අවදානම වැඩි රටවල් වල වෙසෙන ඔවුන් අතරින් කිසිවකුටහෝ එම වෛරසය ආසාධනය වී නොමැති බවත් ජින්සෙන් මහතා මෙහිදී සඳහන් කර ඇත.
එය මෙම එන්නතේ සාර්ථකත්වය කියාපාන කරුණක් වන බවත් තවදුරටත් මෙම එන්නත ලබාගත් පිරිස් , සමීපව නිරීක්ෂණය කෙරෙන බවත් ජින්සෙන් මහතා සඳහන් කර ඇත.
සිනොෆාම් ආයතනයේ මෙම එන්නත සඳහා චීන සෞඛ්‍ය බලධාරීන් විසින්ද මූලික අනුමැතියක් ලබාදී ඇති අතර , කඩිනමින් මෙම එන්නත වෙළඳ පොලට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට එම බලධාරීන් විශ්වාසය පළකර ඇත.
සිනොෆාම් ආයතනය ලොව පුරා රටවල් රැසක පුද්ගලයින් යොදාගනිමින් තම එන්නතේ තෙවැනි අදියරේ පරීක්ෂණ සිදුකරමින් ඇති අතර එවයෙන්ද ඉතා සාර්ථක ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති බවද වාර්තාවේ