නවතම පුවත්

සෑම කොරෝනා මරණයක් ගැනම සමාලෝචනයක් ඕනෑ – GMOA

අසංක

අසංක

මේ වනවිට රට තුල වාර්තා වන කෝරෝනා මරණ සෑම එකක්ම සම්බන්ධයෙන් සමාලෝචනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

මෙම සමාලෝචනය සතියක් වැනි කාලසීමාවක් තුල සිදුකල යුතුව ඇති බවත් එම සංගමය සඳහන් කර ඇත

මෙම සමාලෝචනය සිදුනොවන්නේනම් , ඉදිරියේදී සිදුවන මරණ සම්බන්ධයෙන් වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත
මෙහිදී අලුත්ගේ මහතා මෙසේද පැවසීය

” මේ මරණ අතර එකිනෙකට සම්බන්ධයක් තියෙනවාද, එතකොට පෑලියගොඩ – මිනුවන්ගොඩ පොකුරත් එක්ක සෘජු සම්බන්ධයෙක් මේ මරණවලට තියෙනවද, මේ එකක්වත් මේ දක්වා පැහැදිලි වෙලා නෑ. ඒ ගැන සමාලෝචන කල යුත්තේ එම නිසයි ”

සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි ඉතාම ඕනෑකමින් කියනවා එළඹෙන සතිය වෙනකොට මේකට අවශ්‍ය කරන යාන්ත්‍රණය හදන්න. එහෙම නැති වුණොත් මේ සිද්ධ වෙන මරණ වල වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගත යුතුයි”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්