චීන කොවිඩ් එන්නතෙන් මාත්‍රා ලක්‍ෂ 6ක් , සති දෙකක් තුල මෙරටට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ නිෂ්පාදනය කරන සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ගෙන්වීමට හැකිවනු ඇතැයි ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

“චීනයේ නිෂ්පාදනය කරන සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී තිබෙන බවත් . චීන රජය මගින් ශ්‍රී ලංකාවට සයිනොෆාම් වර්ගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ප්‍රදානයක් හැටියට දීමට එකඟවී ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

ඉදිරි සති  දෙක ඇතුළත සයිනොෆාම් එන්නත් තොගය ලංකාවට ලබාදීමට හැකි බව චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය