නවතම පුවත්

චීන කොවිඩ් එන්නත අද ලංකාවට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

කොවිඩ් මර්දන වැඩපිළිවෙළ වෙනුවෙන් අද (31) මෙරටට පැමිණෙන   චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm) කොවිඩ්-19 මර්දන එන්නත්  මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීමට නියමිත බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

 

ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, අද (31) දිනයේ දී එන්නත් තොගය මෙරට ගෙන එන බවත් ය.

 

මේ අතර ඊයේ දිනය වන විට පුද්ගලයින් 903,467 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

කෙසේවෙතත් රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා ද පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.

 

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්