චීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට විශේෂ ඇමතුම් දෙකක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලාංකිකයන්ට උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දට සුබ පැතුම් එක්කරමින් චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (13) විශේෂ දුරකතන සංවාද දෙකක් සිදු කර තිබේ.

චීන තානාපති කාර්‍යාලය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ චීන ජනාධිපතිවරයා එම සංවාදය තුළදී මෙරට ජනාධිපතිවරයා වෙත උපක්‍රමීය උපදෙස් ලබාදුන් බවයි.