චීන දූතයින්ගෙන් පසු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාත් දිවයිනට!

Picture of අසංක

අසංක

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මහතා මෙම මස අගදී මෙරට නිළ සංචාරයක නිරතවීමට නියමිතව ඇති බව තානාපති ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මේ පිළිබඳව කල විමසීමකදී විදේශ කටයුතු ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කලේ, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම මස අග මෙරටට පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටින නමුත් ඒ පිළිබඳව තවමත් නිළ වශයෙන් දැනුම් දී නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම මස අගදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවේ සංචාරයක නිරතවන බවත් , එම සංචාරය අතරතුරදී ඔහු ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයකට එක්වනු ඇති බවත් තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

රාජ්‍ය ලේකමවරයා සමග එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතාද මෙම ඉන්දීය සංචාරයට එක්වීමට නියමිතය