චීන නැවේ ,ශ්‍රී ලංකා සංචාරය කල්දමන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මතභේදයට තුඩුදී ඇති ‘යුආන් වැන්ග් 05’ නමැති චීන නෞකාවේ , ශ්‍රී ලංකා සංචාරය කල්දමන ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය , චීන රජයෙන් ඉල්ලා ඇත .

අගෝස්තු 11 දින මෙරට හම්බන්තොට වරායට ළඟාවීමට දැනට නියමිතව ඇති එම නෞකාව ලබන 17 දක්වා එහි නැංගුරම්ලා තැබීමට නියමිතව තිබිණ .

කෙසේ වෙතත් මෙම නෞකාවේ ශ්‍රී ලංකා සංචාරයට ඉන්දීය රජය සිය විරෝධය හා කනස්සල්ල පළකර ඇත .

අධිතාක්ෂණික උපකරණවලින් සමන්විත එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කලාපයේ ආරක්‍ෂාවට තර්ජනයක් බව ඉන්දියාව පවසයි .