නවතම පුවත්

චීන නැව පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආන්දෝලනාත්මක චීනයේ ‘යුවාන් වැන්ග් 5’ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට සේන්දු විය
චීන නෞකාවට අද(16) සිට දින 7 ක් හම්බන්තොට වරායට පිවිසීමට ශ්‍රී ලංකාව අවසර ලබා දුන්නේ විවාදාත්මක තත්ත්වයක් තුළයි.

චීනයේ ‘යුවාන් වැන්ග් 5’ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ(15) පස්වරුවේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට පිවිසියේ ය.

‘යුවාන් වැන්ග් 5’ නෞකාවට මීට පෙර පසුගිය 11 වෙනි දා සිට 17 වැනි දා දක්වා නැවත පිරවීමේ පදනම මත හම්බන්තොට වරායට පිවිසිමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබාදුන්න ද ඉන්දියාවේ විවිධ පාර්ශ්ව මතුකළ විරෝධතාවලට සමාන්තරව එම අමාත්‍යාංශය චීනයෙන් ලිඛිතව ඉල්ලා සිටියේ නෞකාවේ පැමිණිම ප්‍රමාද කරන ලෙසය.

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය එම ඉල්ලීමට හේතුව ප්‍රසිද්ධ කළේ නැත.

එම ලිපිය නිකුත් කෙරන විට පසුගිය මස 14 වැනි දා චීනයෙන් පිටත්වී මසකට ආසන්න කාලයක්ගත කරමින් යුවාන් වැන්ග් 5 නෞකාව ඉන්දීය සාගරයට ද පිවිසී තිබුණි.

ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කිරීම නතර කළ චීන නෞකාව පසුගිය දින කිහිපයගත කළේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් සාගර අභ්‍යන්තරයේ පිහිටි නයින්ටිඊස්ට් රිඩ්ජ් කඳු පන්තිය ආශ්‍රිතව යාත්‍රා කරමිනි.

චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැන්ග් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්