නවතම පුවත්

චීන නෞකාව අද එන්නේ නැහැ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආන්දෝලනයට තුඩු දී ඇති “යුවාන් වෑන්ග් – 5” චීන නෞකාව මෙරටට පැමිණෙන බවට තමන්ව මෙතෙක් දැනුවත් කර නොමැති බව වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා පවසනවා.

මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද පැමිණෙන මෙම නෞකාව ලබන 17 දක්වා කාලය තුල හම්බන්තොට වරායේ නැංගුරම්ලා තබන බවයි. මෙම චීන නෞකාව සම්බන්ධයෙන් දැඩි කතා බහක් මතු වුණේ දිවයිනට පැමිණෙන එම නෞකාව පිළිබඳ ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බවට අවධාරණය කිරීමත් සමගයි.

එහිදී ඉන්දියාව වැඩිදුරටත් සදහන් කර තිබුණේ අදාළ චීන නෞකාව ශ්‍රී ලංකාව පැමිණීම , සිය රටේ ආරක්‍ෂාවට තර්ජනයක් බවයි.

ඉන්දියාවේ අදහස් දැක්වීමට චීනය ප්‍රතිචාර දැක්වීමත් සමඟ “යුවාන් වෑන්ග් – 5” නෞකාව දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් ලොවපුරා ද දැඩි කතාබහක් ඇති වුණා. චීනය ඉකුත්දා ප්‍රකාශ කළේ සිය නීත්‍යානුකූල නාවික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පිටස්තර පාර්ශව මැදිහත්වීම් සිදුනොකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මෙවන් පසුබිමක් තුළ “යුවාන් වෑන්ග් – 5” නෞකාවේ පැමිණීම කල්දමන ලෙස කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් දන්වා එවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවා.

එම නෞකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වැඩිදුර උපදේශන ලබා ගැනීමේ අවශ්‍යතාව මත එම සංචාරය කල් දමන ලෙස චීන තනාපති කාර්යාලය වෙත දන්වා යැවූ බවයි.

සාමාන්‍යයෙන් නෞකාවක් දිවයිනට පැමිණෙන්නේ නම් හාබර් මාස්ටර්ගේ අවසරය ලබාගත යුතුයි. මාධ්‍ය කළ විමසීමකදී හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා පැවසුවේ එම නෞකාව දිවයිනට පැමිණීම සදහා මෙතෙක් අවසර ලබාගෙන නොමැති බවයි. එවන් පසුබිමක් තුළ එම නෞකාවේ ගමන් දිශාව වෙනස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් ඇතැම් ඉන්දීය මාධ්‍යවල දැක්වෙන්නේ මෙම චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 650 ක් පමණ ගිණිකොන මුහුදේ මේ වන විට රැඳී පවතින බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්