නවතම පුවත්

චීන රොකට්ටුවක් පෘථිවියට වැටේ

අසංක

අසංක

පෘථිවිය දෙසට එමින් පවතින ‍අභ්යවකාශගත කරන ලද දැවැන්ත චීන රොකොට්ටුවක කොටසක් මේ සතිඅන්තයේ කඩා වැටෙනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.

එය මේ වන විට තත්පරයක් පාසාම රේඩාර් ඔස්සේ සමීපව අධීක්ෂණය කෙරෙමින් පවතී.

පසුගිය මාසයේ චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු මොඩියුලය දියත් කිරීම සඳහා ලෝන්ග් මාර්ච් -5 බී මූලික අදියර භාවිතා කරන ලදී.

නමුත් රොකට් කොටස නැවත පැමිණීම පාලනයකින් තොරව සිදු වන්නක් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එය ටොන් 18 ක් පමණ බරකින් යුක්ත වන අතර එය දශක ගණනාවකට පසු පෘථිවි වායුගෝලයට එන විශාලතම අභ්‍යවකාශ සුන්බුන් වලින් එකකි.

පෘථිවි මතුපිටින් වැඩි ප්‍රමාණයක් සාගරයෙන් වැසී ඇති නිසාත්, භූමිය වන කොටසෙහි ජනාවාස නොවූ විශාල ප්‍රදේශ ඇතුළත් වන නිසාත්, ඕනෑම කෙනෙකුට අභ්‍යවකාශ කුණු ගොඩකට හසු වීමේ සම්භාවිතාව ඉතා කුඩා බව විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ.

එහෙත් මෙම මෙම රොකට් කොටස වැටීමේ කලාපය ලෙස අනුමාන කෙරෙන කලාපයට ශ්‍රී ලංකාව ද අයත් වේ. එහෙත් රේඩාර් ඔස්සේ ලැබෙන නව තොරතුරු සමග එම කලාපය වෙනස් වීමේ සම්භාවිතාවක් ද ඇත.

රොකට් කොටසේ ගමන් මඟ තව දුරටත් සීමා කර ඇත. එය අංශක 41.5 ක් පමණ සමකයට නැඹුරු වේ. මෙයින් අදහස් කරන්නේ උතුරු අක්ෂාංශ අංශක 41.5 ට වඩා උතුරට හා දකුණු අක්ෂාංශ අංශක 41.5 ට වඩා දකුණට ඕනෑම ප්‍රදේශයකට රොකට් සුන්බුන් වැටිය හැකි බවයි.

2020 මැයි 5 වනදා දියත් කළ මුල්ම Long March 5B රොකට්ටුවේ පළමු අදියරත් මේ ලෙසින්ම පාලනයකින් තොරව පෘථිවියට කඩාගෙන වැටී තිබුණි. එය දින කිහිපයක් පහළ කක්ෂයක තිබී අප්‍රිකානු මහද්වීපයට බටහිර දෙසින් පෘථිවි වායුගෝලයට ඇතුළු විය.

එයින් ද ඉතිරි වූ කොටස්, වායුගෝලයට ඇතුළු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 2,100 ක් දුරින් පොළොවට කඩා වැටී ඇත. අයිවරි කෝස්ට් රාජ්‍යයේ මොහවුනූ ගම්මානයට මෙම කොටස් වැටී තිබේ. ජීවිත හානි වාර්තා නොවුනත් දේපළ හානි පිළිබඳව වාර්තා වී ඇත.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ පසුගිය දශකය තුළ දළ වශයෙන් චන්ද්‍රිකා 100 ක් සහ රොකට් කොටස් සෑම වසරකම වායුගෝලයට නැවත ඇතුළු වී ඇති බවය. වාර්ෂිකව එලෙස වායුගෝලයට ඇතුළුවන රොකට් සුන්බුන් වල ස්කන්ධය ටොන් 150 ක් පමණ වන බව එම ඒජන්සිය පවසා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්