නවතම පුවත්

චීන- ශ්‍රී ලංකා සහයෝගීතාවයේදී දේශපාලන කොන්දේසි නැහැ – චීනය ඇමෙරිකාවට දෙහි කපයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය විසින් විනිවිද භාවයකින් තොරව ණය ලබාදීම, ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් අර්බුදය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සාවෝ ලිචියෑන් පවසා ඇත්තේ චීන-ශ්‍රී ලංකා සහයෝගිතාව කිසිවිටෙක දේශපාලන කොන්දේසි සම්බන්ධ කර නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවා ශ්‍රී ලාංකික ජනතාවට දැනෙන ප්‍රතිලාභ ලබා දී ඇති බවත් ශ්‍රී ලංකාවේ විදේශ ණය සංයුතිය විවිධාංගීකරණය වී ඇති බවත්, චීනය ආශ්‍රිත ණය ප්‍රතිශතය, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලට වඩා බෙහෙවින් අඩු බවත් ඔහු පවසා තිබෙනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා ප්‍රශ්ණ කරන්නේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර සංවර්ධනය සඳහා අමෙරිකාව කරන්නේ කුමක්ද යන්න පිළිබඳවයි. එහි ඒකපාර්ශ්වික ආර්ථික, මූල්‍ය සහ විදේශ ප්‍රතිපත්ති, ලොව පුරා රටවලට කෙතරම් හානියක් කර ඇත්ද යන්න අමෙරිකාවෙන්ම ඇසිය යුතු බව ඔහු සඳහන් කර තිබෙනවා.

චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බොහෝ ණය සහනදායී ස්වභාවයන් අඩු පොලී අනුපාතයක් සහ දිගු කල් පිරෙන ඒවා වන අතර, ඒවා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සාවෝ ලිචියෑන් පවසනවා.

විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ විගසම, චීන මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට මූලිකත්වය ගෙන, කල් පිරෙන චීනය ආශ්‍රිත ණය නිසි ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කරතාවලට මුහුණ දීම සඳහා ධනාත්මක ආකල්පයක් පෙන්නුම් කළ බවද ඔහු අවධාරණය කර තිබුණා.

අමෙරිකාව සහ බටහිර ප්‍රාග්ධනය, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම හසුරුවා ඇති බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ණය කීර්තිය සහ මූල්‍යකරණ මාර්ග බරපතළ ලෙස යටපත් කර ඇති බවයි චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සාවෝ ලිචියෑන් පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දේශනයක් පවත්වමින් පවසා තිබුණේ ඉකුත් දශක දෙක තුළ චීනය, ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා බවට පත් වූ බවයි. ණය ලබා දෙන සෙසු ආයතන හා රටවලට වඩා වැඩි පොලී අනුපාත යටතේ බොහෝ විට විනිවිද නොපෙනෙන ණය ගනුදෙනු චීනය විසින් ලබා දී ඇති බවත්, චීනය විසින් සෙසු ද්විපාර්ශ්වික ණය හිමියන් මෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්ද යන්න මේ වන විට ඇති ප්‍රධාන ගැටලුව බවත් ඇය මෙහිදී පවසා තිබුණා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි