නවතම පුවත්

චීන-ශ්‍රී ලංකා සබඳතා විවේචනය කළ අමෙරිකානු තානාපතිනියට චීනයේ විරෝධය

අසංක

අසංක

ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය දේශීය පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා හා චීන සබදතා පිළිබඳව දැක්වූ අදහස් සම්භන්ධව මෙරට චීන තානපති කාර්යාලය විරෝධය පළකර ඇත.

තුන්වන රටක විදේශීය තානාපතිවරයෙක් චීන-ශ්‍රී ලංකා සබඳතා විවෘතව විවේචනය කිරීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝකෝලය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත

ඒ පිළිබඳව තානාපති කාර්යාලට දැඩි කම්පනයක් ඇති බවත් දැඩි අතෘප්තියක් ඇති බවත් එම නිවේදනයෙන් චීන තානාපති කාර්යාලය අවධාරණය කර ඇත

“එක්සත් ජනපදය ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම දැකීම පුදුමයට කරුණක් නොවෙයි. අන්‍යයන්ගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා හසුරුවා ගැනීමට දරන උත්සාහය පිළිබඳව සාමාන්‍ය ජනතාව පුදුමයට පත් වෙනවා” යැයි එම නිවේදනයේ දැක්වෙයි.

ස්වාධීන රටවල් වශයෙන් චීනයට සහ ශ්‍රී ලංකාවට සිය අවශ්‍යතාවය හා කැමැත්ත අනුව විදේශ රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට පූර්ණ අයිතියක් ඇති බවත් ශ්‍රී ලංකාව සහ චීනය එකිනෙකා සමඟ කටයුතු කළ ආකාරය නැවත නැවතත් කාලය පිළිබඳ පරීක්ෂණයට ලක්ව ඇති බවත් තානාති කාර්යාලය පවසයි.

“චීනය සමඟ ඇති සබඳතා පිළිබඳව රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ස්වාධීන හා සාධාරණ විනිශ්චයක් ඇත. චීන-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ දේශන පැවැත්වීමට එක්සත් ජනපදයට බලයක් හෝ බැඳීමක් නොමැත. එවැනි නිරුවත් ආධිපත්‍යය සහ බල දේශපාලනය චීන ජාතිකයන් විසින් නොඉවසන අතර ශ්‍රී ලංකාව විසින් පිළිගනු නොලැබේ.” යැයි තානාපති කාර්යාලය පවසයි.

එක්සත් ජනපදය අන් අයට දේශනා කිරීම සහ ද්විත්ව ප්‍රමිතීන් අනුගමනය කිරීම නතර කිරීමට තරයේ යෝජනා කරන බවත් ලෝකයේ අනෙක් පැත්තෙන් සිටින සිය අහංකාර මිතුරාට සරල නමුත් ප්‍රයෝජනවත් උපදෙස් හතරක් ලබාදෙන බවත් තානාපති කාර්යාලය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්