ඡන්දය ඉල්ලා ගිය පොහොට්ටුවේ උසාවි ගමන නවතී

Picture of අසංක

අසංක

පළාත් සභා ජන්දය වහා පවත්වන ලෙස ඉල්ලා නඩු මගට බැසීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

පළාත් සභා මැතිවරණය ලබන මැයි මස 31 ට පෙර පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව හේතුවෙන් මෙසේ සිය අධිකරණ කි‍්‍රයාමාර්ගය තාවකාලිකව කල් දැමීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන ඇත.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ යෝජනාව කි‍්‍රයාත්මක නොවන්නේ නම් මැතිවරණය ඉල්ලා යලි අධිකරණ කි‍්‍රයාමාර්ග වෙත යොමුවීමටද පොදුජන පෙරමුණ දැනටමත් සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය.

පැතුම් වික්‍රමරත්න