ඡන්දෙ ඉලක්ක කර සන්ධාන හදන්න විග්නේෂ්වරන් කොන්දේසි මාලාවක් ගෙනෙයි

Picture of අසංක

අසංක

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම, සිරබාරයේ සිටින සියලූම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම, හා උතුරු, නැගෙනහිර පළාත්වල ඉඩම් යළි දෙමළ ජනතාවට ලබාදීම යන කරුණු වලට එකඟවන පාර්ශව හා සන්ධානගතව ඉදිරි මහමැතිවරණයට තරග කිරිමට සූදානම් බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන් අවධාරණය කර සිටී.

දෙමළ මහජන පෙරමුණ, ඉලංගයි තමිල් අරසුකච්චි, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී. ආර්. එල්. එෆ් පක්ෂය ඇතුළු පක්ෂ පහක් එක්ව මෙම කොන්දේසි මාලාව ඉදිරිපත් කර ඇති බවත් විග්නේෂ්වරන් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.


එම ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයේ පාර්ශව සමඟ ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් විග්නේෂ්වරන් මහතා සඳහන් කර ඇත.