නවතම පුවත්

ඡන්දෙ කල්යාමෙන් පඩිය නැතිවූ රාජ්‍ය සේවකයන්ට සහනයක්

අසංක

අසංක

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සඳහා නාමයෝජනා භාර දී ඇති රජයේ නිලධාරින් 3000ක් පමණ පිරිස සඳහා මාර්තු 09 (ඊයේ) දින සිට ඡන්ද විමසීම ප්‍රමාදවන කාලය තුළ අදාළ නිලධරයාගේ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (10) දින නිර්දේශ කර ඇත.

නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයන් යම් සහනයක් ලබා දෙන්නැයි දිගින් දිගටම කරන ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව අදාළ නිර්දේශය රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට යොමු කර තිබේ. ඒ මැතිවරණ කොමිෂමේ නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස දනවමිනි.

පළාත් පාලන ආයතන ඡන්ද විසමීම මෙයට පෙර මාර්තු 09 (ඊයේ) දින පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර කල් දැමූ මැතිවරණය දැනට යෝජනා වී ඇත්තේ ලබන අප්‍රේල් 25 වැනිදා පැවැත්විය යුතු බවයි.

කෙසේ වෙතත් අපේක්ෂකත්වය ලබා ගැනිමේ දි වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම හේතුවෙන් පවතින ආර්ථික තත්ත්වය හමුවේ දිගු කාලයක් වැටුප් රහිත නිවාඩු ලබා සිටීම පවුලේ ආර්ථික ස්ථාවරය පවත්වා ගැනිමට බාධාවක් වි ඇතැයි රජයේ නිලධරයන්වන අපේක්ෂකයන් රැසක් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්