ඡන්දෙ තියන්න කලින් නීති හදන්න යයි

Picture of අසංක

අසංක

මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක් කඩිනමින් පත්කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ පළාත් සභා ඡන්දය පැවැත්වීමට හා මැතිවරණ නීතිරීති යාවත්කාලීන කිරීම සඳහායි.

කරුණු 13ක් යටතේ මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමට සැලසුම් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කළ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා සකස් කරන ලද මැතිවරණ නීති කෙටුම්පත්, මැතිවරණ කොමිසම විසින් යාවත්කාලීන කළයුතු බවට පවසන කරුණු යනාදී කරුණු ඊට ඇතුළත් වේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීමක් මත රජය මෙම තීරණය ගෙන ඇත.

පැතුම් වික්‍රමරත්න