පැතුම් වික්‍රමරත්න
විදේශගතව සිට ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන පුද්ගලයින් විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටී.
එසේ නොවන අවස්ථාවල ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී සිය අනන්‍යතාවය තහවුරු කිරීමට අදාළව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ඔවුන්ට සිදුවන බවද කොමිෂම නිවේදනය කර සිටී.
එවැනි ප්‍රකාශයක් සිදු නොකරන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.