ඉදිරි මහමැතිවරණයේ ඡන්ද විමසීමේදී ඡන්ද සලකුණු කිරීමට නිල් හෝ කළු පෑනක් අනිවාර්යයෙන්ම රැගෙන එන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මෙවර මැතිවරණය ගෝලීය වසංගතයක් අතරතුර පැවැත්වීමට සිදුව ඇති බැවින් කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කරමින් සෞඛ්‍ය නිර්දේශ අනුව ඡන්ද විමසීම සිදුකරන ආකාරය පිළිබඳ ආදර්ශ පෙරහුරුවක් අම්බලන්ගොඩදී අද පවත්වා තිබේ.
එම ආදර්ශ ඡන්ද පෙරහුරුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා තිබේ.
මෙම පෙරහුරුව සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහභාගී වී ඇත.
මුඛ ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වා ගැනීම, අත් සේදීම ආදී උපදෙස් ආදර්ශ ඡන්ද මධ්‍යස්ථානයේ තැනින් තැන දර්ශනය කර තිබී ඇත.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානය තුළ ඉටි ආවරණ සහිතව නිලධාරීන් කටයුතු කරන ආකාරය දැකිය හැකි විය.
ඉදිරි මහමැතිවරණය පවත්වනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් අනුගමනය කරමිනි.